• අරමුණ කුමක්ද
  • නිසි හව්හරනක් නැති ආර්ථිකමය වශයෙන් පීඩා විඳින( විශේෂයෙන්ම මව්පියන් දෙදෙනාම හෝ එක් අයෙක් නොමැති) දරු දැරියන්ට තම තමන්ගේ අධ්‍යාපන කටයුතු නොකඩවා කරගෙන යාමට අවශ්‍ය කරන පොත්පත්, උපකණය සහ අනෙකුත් අධ්‍යාපනික ආපන්න නොමිලේ ලබාදීමය. මෙවැනි අධ්‍යාපන කටයුතු වලට අත්‍යවශ්‍ය දේවල් නොමිලේ ලබාගත හැකි තැනක්,ආයතනයක් හෝ සංවිධානයක් අපේ රට තුල පහසුවෙන් සොයා ගැනීමට දුෂ්කර කරුණක් බව වැටහී යාම මෙවැනි පදනමක් ආරම්භ කිරීම මූලිකව බලපෑ කරුණ විය. ඒ වගේම මෙමගින් සමාජයට යම් මෙහෙවරක් සිදුවෙතැයි යන්න එකම බලාපොරොත්තු බව මෙහිදී සඳහන් කලයුතුය.
    කලුබෝවිල පදනම මගින් ලබාදීමට බලාපොරොත්තු වන දේවල්,

  • -සියලුම ලියන පොත් පත්
  • -පෑන් පැන්සල්
  • -පොත් බෑග්
  • -පාසල් සපත්තු මේස් කුට්ටන්
  • -වතුර බෝතල
  • -කෑම පෙට්ටි
  • - කවකටු උපකරණ
  • -පාට පැස්ටල්/පෑන්
  • -පාසල් ඇදුම් කූපන්පත්
  • -කතුරු,කටුගසන උපකරණ ,ගම්වර්ග සහ අනෙකුත් අධ්‍යාපනික භාණ්ඩ
  • - ඉංග්‍රීසි අධ්‍යාපනයට අවශ්‍ය මුදිත පොත් පත්.

www.vinglish2english.com



ලබාදීමට බලාපොරොත්තු වන්නේ


- වට්ටෝරු 1
- වට්ටෝරු 2
- වට්ටෝරු 3
-වට්ටෝරු 4
අනුකණ්ඩ වලට බෙදා ඇති පොත් පත් උපකණය වට්ටෝරු වලින් එකක් නොමිලේ ඔබගේ පාසලට හෝ ගෙදරට ගෙන්වා ගත හැක. එක් පවුලකින් අවුරුදු 16 අඩු එක් ලමයෙකුට හා 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය සමත්වීම ඕනෑම ලමයෙකුට ඉහත වට්ටෝරුක් ඉල්ලුම් කල හැක.



වට්ටෝරු 1


1-2 ශ්‍රේණි සදහා -
පිටු 80 තනිරූල් පොත් -6
පිටු 80 අගල් භාග කොටු පොත් - 2
පිටු 80 CR බොට්නි පොත් - 2
රූල් නැති පිටු 80 පොත් -1
පස් රූල් පිටු 80 පොත් -2
චිත්‍ර පොත් 1
A4 පාට කොළ -25
A4 සුදු කොළ - 25
පැන්සල් 2
මකනය,කටරය, කතුර
පාට පෙට්ටි -1, ක්ලේ පෙට්ටි -1
ගම් බෝතල් -1
වතුර බෝතලයක්
කෑමපෙට්ටියක්
පොත් බෑගයක්
ඉල්ලුම්කරන දරුවන්ගේ අවශ්‍යතාව අනුව නොමිලේ පිරිනැමේ



වට්ටෝරු 2


3-4-5 ශ්‍රේණි සදහා .
තනි රූල් පිටු 80 පොත් - 2
තනි රූල් පිටු 120 පොත් -6
කොටු රූල් පිටු 120 පොත් - 2
CR තනි රූල් පිටු 200 -1
CR තනි රූල් පිටු 120 පොත් -1
චිත්‍ර පොත් -1
පාට පෑන්
පැන්සල්
මකනය
කටරය
පාට පෙට්ටි -1
A4 සුදු 25
වතුර බෝතලයක්
කෑමපෙට්ටියක්
පොත් බෑගයක්
ඉල්ලුම්කරන දරුවන්ගේ අවශ්‍යතාව අනුව නොමිලේ පිරිනැමේ



වට්ටෝරු 3


6-7-8 ශ්‍රේණි සදහා
පිටු 120 තනිරූල් පොත් - 5
පිටු 80 තනි රූල් පොත් - 5
පිටු 120 කොටු රූල් පොත් - 2
පිටු 120 CR තනි රූල් පොත් -1
චිත්‍ර පොත් -1
වතුර බෝතලයක්
කෑමපෙට්ටියක්
පොත් බෑගයක්
ඉල්ලුම්කරන දරුවන්ගේ අවශ්‍යතාව අනුව නොමිලේ පිරිනැමේ

වට්ටෝරු 4


9-10-11 ශ්‍රේණි සදහා
පිටු 120 තනි රූල් පොත් - 8
පිටු 120 CR තනි රූල් පොත් - 4
පිටු 120 කොටු රූල් පොත් - 4
චිත්‍ර පොත් -1
කවකටු පෙට්ටිය
මකනය කටරය
පෑන් පැන්සල්
වතුර බෝතලයක්
කෑමපෙට්ටියක්
පොත් බෑගයක්
ඉල්ලුම්කරන දරුවන්ගේ අවශ්‍යතාව අනුව නොමිලේ පිරිනැමේ



ඉල්ලුම් කල හැකි ආකාරය


-WhatsApp සංනිවේදන මාර්ගය හරහා
-දරුවා/ දැරිවියගේ නම,ලිපිනය සහ තොරතුරු සත්‍ය බවට සහතික කර පාසලේ ගුරුවරයෙකුගෙන් ගත් ලිපියක් සංවිධානයට යොමු කිරීම ප්‍රමානවත් බව සලකන්න.
-ඉංග්‍රීසි භාෂාව අන්තර් ජාලය හරහා සිදුකිරීමට බලාපොරොත්තු වන අතර අවශ්‍ය කෙනෙකුට පහත ඇති Link එක හරහා එයට ඇතුල් විය හැක.



ඡායා රූප


Kalubovila Fundation - Without Barriers